අලි රංචුවක් නිසා චීනයේ 50,000ක පිරිසක් ඉවත් කරයි

අගෝ 11, 2021

    අලි රංචුවක් සංක්‍රමණය වීම හේතු කරගෙන චීන වැසියන් 50,000 ක් ඉවත් කර තිබේ.

    බලධාරීන්, නිරිතදිග යුනාන් ප්‍රදේශයේ මෙම පිරිස තාවකාලිකව වෙනත් ප්‍රදේශයක් වෙත යොමු කර ඇත්තේ අලි මිනිස් ගැටුමක් ඇති වීම වැලැක් වීමටයි.

    මෙලෙස සංක්‍රමණය වන්නේ ආසියානු අලි දාහතර (14) දෙනෙකු ගෙන් සමන්විත රංචුවක්. පොලිස් නිලධාරීන් 25,000කට අධික සංඛ්‍යාවක් ඩ්‍රෝන යානා සහ නිරීක්ෂණ රථ යොදා ගනිමින් අලි රංචුවේ ගමන්මග විමර්ශනය කිරීමට ක්‍රියා කර තිබෙනවා. මීට මාස දාහත(17) කට ඉහත දී යුනානි ස්වභාවික රක්ෂිතය අතහැර මෙම සතුන් ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

    අලි රංචුව ගමන් ආරම්භ කළ දින සිට ඒ පිළිබඳ විදෙස් මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමු වුණා. එම සතුන් අසාමාන්‍ය ලෙස කිලෝ මීටර් 500 ක පමණ දුරක් ගෙවමින් කෙත්වතු ගම්මාන නගර හරහා ගමන් කිරීම ඊට හේතුවයි. එහි දී මිලියන ගණනක් වටිනා දේපළ විනාශ වූ බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් අලි මිනිස් ගැටුම් ඇති වීම වැළැක්වීමේ අරමුණින් ප්‍රදේශය ජනතාව ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියා කළේ. කෙසේ වුවද මේ වන විට වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීම මත යළි සිය වාසස්ථානවලට ගමන් කරවීමට හැකි වී තිබෙනවා.

    මෙම සතුන් මෙලෙස සංගමය සංක්‍රමණය වීමට නිශ්චිත හේතුව අනාවරණ වී නැහැ. නමුත් විශේෂඥයන් පවසන්නේ අත්දැකීම් නොමැති නායකයෙකුගේ මග පෙන්වීම හෝ නව වාසස්ථාන සෙවීමේ අරමුණින් අලි රංචුව සංක්‍රමණය වන්නට ඇති බවටයි.

    Latest News