අමෙරිකාවේ කොරෝනා යළි වැඩිවෙයි

ජූලි 14, 2021

    අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම යළි ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    ඉකුත් සති 3 තුළ එරට දෛනික ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉකුත් 4 වැනිදා පැවති එරට නිදහස් දින සැමරුමට විශාල පිරිසක් ඒකරාශී වීම වෛරසය යළි ව්‍යාප්ත වීමට හේතුවක් වී තිබෙනවා. ඉකුත් පැය 24 තුළ එරටින් නව කොරෝනා ආසාදිතයන් 28,923ක් හඳුනා ගනු ලැබුවා. එම කාලසීමාව තුළ සිදුවූ මරණ සංඛ්‍යාව තුන්සිය හතක්. ඉකුත් මාසවල එරට නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම කැපී පෙනෙන අඩුවක් පෙන්නුම් කළා. ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම එන්නත්කරණය මන්දගාමී වීම සහ 4 වැනි දා පැවති විශාල මහජන ඒකරාශී වීම ආසාදිතයන් ඉහළ යාමට බලපා ඇති බවයි බලධාරීන් පවසන්නේ. මේ වන විට මේන් සහ දකුණු ඩැකෝටා යන ප්‍රාන්ත දෙක හැර සෙසු සියලුම ප්‍රාන්තවල ආසාදිතයන් ඉහළ යමින් පවතිනවා.

    Latest News