ප්‍රංශ ජනාධිපතිට කම්මුල් පහරක්

ජූනි 09, 2021

    ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා.

    ඒ, ප්‍රංශයේ ගිණිකොනදිග ප්‍රදේශයේ සංචාරයක් අතරතුර පුද්ගලයින් පිරිසක් රැදී සිටි ස්ථානයකට ගිය අවස්ථාවේදීයි. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයේ මාර්ග බාධක යොදවා තිබූ අතර එම මාර්ග බාධක අසලට ගොස් රැස්ව සිටි පිරිසට ආචාර කිරීමට ජනාධිපති මැක්‍රෝන් කටයුතු කළා.

    එම අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපතිවරයා එහි සිටි පුද්ගලයෙකුට අතට අත දෙන අවස්ථාවේදී අදාල පුද්ගලයා ජනාධිපතිවරයාගේ කම්මුලට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංචරණය වනවා. ආරක්ෂක නිලධාරීන් ක්‍රියාත්මක වී පහරදුන් පුද්ගලයා අල්ලාගෙන ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ආකාරයද එම වීඩියෝ පටයේ දැක්වෙනවා.

    ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම පහරදීමට නිෂ්චිත හේතුවක් වාර්තා වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ අග්‍රාමාත්‍ය ජින් කැස්ටෙක්ස් ප්‍රකාශ කර ඇත්තේ එම සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදයට කළ නිග්‍රහයක් බවයි.

    Latest News