බ්‍රිතාන්‍යය, එරට වැසියන්ට සතියකට දෙවරක් කොරෝනා පරීක්‍ෂාව සිදු කරයි

අප්‍රේ 05, 2021

    බ්‍රිතාන්‍යය එරට සෑම පුරවැසියෙකුටම සතියකට දෙවරක් ක්‍ෂණික ‍කොරෝනා වෛරස පරීක්‍ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබේ.

    අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළේ, වෛරසය පැතිරයාම පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. රෝගය වැළඳී, රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයින් ද මෙමගින් හඳුනා ගැනීමට අපේක්‍ෂිතයි. ඒ අනුව ඉදිරියේදී රටේ ආර්ථිකය සාමාන්‍ය පරිදි පවත්වා ගනිමින් ජාත්‍යන්තර ගුවන් ගමන් ද සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර තිබේ.

    Latest News