බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවතත් විවෘත කිරීමට සූදානම්

අප්‍රේ 06, 2021

    ලබන සතියේ බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවතත් විවෘත කිරීමට අපේක්ෂා කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

    ඒ අනූව, බ්‍රිතාන්‍යය සියලුම වෙළෙඳසැල්, ශරීර සුවතා මධ්‍යස්ථාන කොණ්ඩා මෝස්තර ස්ථාන ඇතුළු එළිමහන් ආගන්තුක සත්කාරක ස්ථාන නැවත විවෘත කිරීමට නියමිතයි.

    එන්නත්කරණ වැඩසටහන් රටපුරා සාර්ථක ව්‍යාප්ත වීමත් සමග දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පහත වැටෙමින් පවතියි. මේ නිසා ලබන 12 වැනිදා වන විට ආර්ථිකය නැවත විවෘත කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.

    බ්‍රිතාන්‍යයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 ලක්ෂ 62,000 ඉක්මවයි.

    කොරෝනා වෛරසයෙන් එරට එක් ලක්ෂ 26,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර 39 ලක්ෂ 12,000ක් පමණ සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 06 අප්‍රේල් 2021 11:28

    Latest News