ලෝක සෞඛ්‍ය සංවිධානය දිළිඳු රට වලට එන්නත් මිලියන 330 දීමට තීරණය කරයි

පෙබ 05, 2021

    කොවැක්ස් පහසුකම යටතේ දුප්පත් රටවල් සදහා එන්නත් මිලියන 330 ක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

    2021 වසරේ අග භාගයට පෙර මෙම එන්නත් අදාළ රටවලට ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

    සංවර්ධනය වෙමින් පවතින රටවල් 145 ක් අතර එන්නත් බෙදා දීමට නියමිතයි.

    එන්නත් මිලියන 240 ක් ඉන්දියාවේ පූනෙහි පිහිටි සීරම් ආයතනයෙන් ලබා ගැනෙන අතර තවත් මිලියන 96 ක් බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනයෙන් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    තවත් එන්නත් මාත්‍රා මිලියන 1.2 ක් ෆයිසර් බයෝ එන්ටෙක් ආයතනයෙන් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

    Latest News