බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

ජන 23, 2021

    බ්‍රිතාන්‍ය තුළ පැතිර යන නව කොරෝනා වයිරස් ප්‍රභේදය ඉදිරියේ දී වඩාත් මාරාන්තික විය හැකි බවට එරට අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවනවා.

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කළේ මේ වනවිට බ්‍රිතාන්‍ය තුළ මෙම වයිරස් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යාම ආරම්භ වී ඇති බවයි.

    මීට පෙර පැවති කොරෝනා වයිරස් ප්‍රභේදයට සාපේක්ෂව මෙම නව වයිරස් ප්‍රභේදය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

    උද්ගත වී ඇති තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයට පනවා ඇති නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවක් ඉදිරියේ දී මතුවනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ.

    Latest News