දකුණු අප්‍රිකාව සමග ගුවන් සබඳතා අත්හිටුවීමට රටවල් රැසක් පියවර ගනී

දෙසැ 26, 2020

    දකුණු අප්‍රිකාවේ කොරොනා වෛරසයේ විකෘති ප්‍රභේදය වේගයෙන් පැතිර යාම හේතුවෙන් ර‍ටවල් රැසක් හා දකුණු අප්‍රිකාව සමග ගුවන් සබඳතා අත්හිටුවයි.

    දැනට දකුණු අප්‍රිකාවේ වෛරසයේ විකෘති ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් පවතින අතර එම ප්‍රභේදය පැතිරීමේ වේගය පළමු වසංගත රැල්ලයට වඩා වේගවත් වන බව වාර්තා වේ.

    එබැවින් දකුණු අප්‍රිකාව අධි ආසාදන ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් අදාළ වැළැක්වීමේ ප්‍රතිපත්ති සකස් කරනු ඇතැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පසුගිය 23 වනදා සිට දකුණු අප්‍රිකාව සමග ගුවන් ගමන් නතර කළ බව බ්‍රිතාන්‍යය ප්‍රකාශ කර ඇත.

    ඊට අමතරව, දැනට ප්‍රංශය, ජර්මනිය, සෞදි අරාබිය, සුඩානය, ස්විට්සර්ලන්තය, එල්සැල්වදෝරය, තුර්කිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ මොරිෂස් යන රටවල් දකුණු අප්‍රිකාව සමග ගුවන් සබඳතා නතර කර තිබේ.

    Latest News