එරට ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් මෙම එන්නත භාවිතයට අවසරය ලබා දුන්නේ දැනටමත් භාවිත වන ෆයිසර් එන්නතට අවසරය ලබාද සතියක කාලයක් අතරතුර ය.
ඒ අනුව Moderna එන්නතේ මාත්‍රා මිලියන 200 ක් මිලදී ගැනීමට එක්සත් ජනපදය එකඟ වී ඇති අතර ඉන් මිලියන හයක් කඩිනමින් නැව්ගත කිරීමට සූදානම් කර ඇත.
ලොව වැඩිම Covid - 19 මරණ හා රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමරිකාවෙනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අවම වශයෙන් මරණ 311,529 ක් සහ ආසාදිතයින් 17,269,542 ක් මේ දක්වා ඇමරිකාවෙන් වාර්තා වී තිබේ.