Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානයේ මෙහෙයුම සාර්ථකයි

දෙසැ 17, 2020

    චන්ද්‍ර පස් සාම්පල රැගත් Chang'e - 5 චන්ද්‍ර ගවේෂණ යානය චීනයේ ඇතුළු මෙන්ගෝලියාවේ නියමිත කලාපයට අද අළුයම 1:59ට ආරක්ෂිතව ගොඩ බැසීය.

    Chang'e - 5 චන්ද්‍ර ගවේෂණ යානයේ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම සාර්ථිකවී ඇතැයි ඉන් පිළිබිඹු වේ.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ අණ දෙන ආයතනයටත් Chang'e - 5 මෙහෙයුමට සහභාගී වූවන්ටත් සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

    විශාලතම තාක්‍ෂණික පරතරයක් සහිත චීනයේ සංකීර්ණම අභ්‍යවකාශ ව්‍යාපෘතියක් ලෙස Chang'e - 5 මෙහෙයුම චීන ඉතිහාසයේ පළමු වරට පෘථිවියෙන් පිටත සාම්පල ආපසු රැගෙන ඒම සාක්ෂාත් කර ඇතැයි, හෙතෙම සිය පණිවිඩයෙන් පෙන්වා දුන්නේය.

    මානවයන්ගේ අභ්‍යවකාශ ගවේෂණය කිරීමේ මෙහෙයුම් අසීමිත බැවින්, මානව ප්‍රජාව සාමකාමීව අභ්‍යාවකාශය භාවිත කිරීම සඳහාත් මානවයන්ගේ පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහාත් චීන ගගනගාමීන්ට පෙරට වඩා දායකවීමට හැකි වනු ඇති බවට ෂී ජින් පිං මහතා සිය අපේක්ෂා පළ කොට ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 දෙසැම්බර් 2020 09:44

    Latest News