ඉකුත් පැය 24 ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් ඉතාලියෙන්

නොවැ 16, 2020

    යුරෝපා රටවල් රැසක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා දෙවැනි රැල්ලට සමගාමීව ඉකුත් පැය 24 තුළ ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තාවේ.

    ඒම සංඛ්‍යාව 33,979ක් වන අතර, ඒම කාලසීමාවේ ඒරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 546ක්.

    අද වනවිට ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව පන්කෝටි 49 ලක්ෂය ඉක්මවා තිබේ. ලොව පුරා මෙතෙක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 13කට අධිකයි.

    මේ අතර, ඉන්දියාවේ ප්‍රවීන රංගන ශිල්පී සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ මියගියේය. ඔහු සිනමාවට පැමිණියේ චිත්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායිගේ අපූගේ ලෝකය, චාරුලතා, අභිජන් යන නිර්මාණ රැසකින්. දින 40ක් රෝගාතුරුව සිටි ඔහු මියයන විට පසුවුණේ 85 වැනි වියේ.

    අද වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 88 ලක්ෂය ඉක්මවා ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව ඒක් ලක්ෂ 30,000ක්.

    ඉකුත් දිනවලට සාපේක්ෂව අමෙරිකාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඒක් ලක්ෂ 39,000 දක්වා පහළ බැස තිබේ. ඒම කාලසීමාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 648ක්. කෙසේ වෙතත් අමෙරිකාවේ මිචිගන් සහ මොෂින්ටන් යන ප්‍රාන්තවල සංචරණ සීමා යළිත් දැඩිකර තිබේ.

    ඊයේ වැඩිම මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වනවිට, ලොව දෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්. ඒම සංඛ්‍යාව 635ක්. ඒම කාලසීමාවේ ඒරටින් නව ආසාදිතයන් 580ක් හඳෞනා ගැණින.

    මෙක්සිකෝවෙන් හඳුනා ගැනෙන දෛනික ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුනද දෛනික මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්. අප්‍රේල් මාසයෙන් පසුව දකුණු ඔස්ට්‍රේලියාවෙන් යළිත් කොරෝනා ආසාදිත 18ක් ඊයේ හමුවී තිබේ.

    Latest News