වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්ත්වයක්

අගෝ 02, 2020

    ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට සංචරණ සීමා පනවා ඇති අතර සති 6ක් යනතුරු රාත්‍රි කාලයට ඇඳිරි නීතිය පැනවීමට ද එරට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි ප්‍රතිකාර සේවාවලට හැර සෑම දිනකම රාත්‍රී 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා මෙල්බර්න් නගරයට ඇඳිරි නීතිය බලාත්මක වේ.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට නිවසින් බැහැරව යා හැකිවන්නේ එක් නිවසකින් එක් අයෙකුට පමණක් වන අතර ඒ සඳහා දහවල් කාලයේ දී පමණක් යා යුතු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එසේම එළඹෙන බදාදා (05) දින සිට මෙල්බර්න් නුවර වෙසෙන පාසල් සිසුන් සිය අධ්‍යාපන කටයුතු නිවසේ සිට පමණක් සිදුකළ යුතු බවද වාර්තා වේ.

    Latest News