අමෙරිකාවේ ග්‍රීන් කාඩ් මේ වසර අග දක්වා අත්හිටුවේ

ජූනි 23, 2020

    අමෙරිකාවේ ග්‍රීන් කාඩ් ක්‍රමවේදය මේ වසර අවසානය දක්වා අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

    එමගින් අමෙරිකාවට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයන්ට අවස්ථාව අහිමි වනු ඇත. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අමෙරිකානුවන්ගේ රැකියා ප්‍රශ්නයට මින් විසඳුමක් ලැබෙනු ඇති බවයි. එහෙත්, ඇතැමුන් පවසන්නේ, ට්‍රම්ප් පාලනය කොරෝනා වෛරසය යැයි පවසමින් ආගමන නීති දැඩි කරන බවයි. එමගින් පන් ලක්‍ෂයකට වඩා වැඩි පිරිසකට බලපෑම් එල්ලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News