ඉරානයේ නවතම මිසයිල අත්හදා බැලීම

ජූනි 19, 2020

    ඉරානය විසින් නවතම කෘස් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

    ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයෙන් මුහුදේ ඇති නෞකාවක් විනාශ කරන අයුරු රැගත් වීඩියෝවක් එරට IRNA රූපවාහිනි සේවය මගින් විකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    ඉරානය සිය නාවික යුධ අභ්‍යාසයක් අතර වාරයේදී මෙම මිසයිල අත්හදා බැලීම සිදුකොට ඇත්තේ උතුරු ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව බවයි එරට රාජ්‍ය මාධ්‍ය පවසා සිටියේ.

    ගොඩබිම සිට එල්ල කරන ලද එම මිසයිලය කිලෝමීටර් 280ක් දුරින් පිහිටි මුහුදේ තිබු හිස් නෞකාවක් විනාශ කරන දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

    සිය අත්හදා බැලීමෙන් අනතුරුව ඉරානය පවසා සිටියේ සිය මිසයිලයට ඊට වඩා දුරින් පිහිටි ඉලක්කයක් කරා හඹා යාමේ හැකියාව ඇති බවයි.

     

    Latest News