ලොව පුරා කොරෝනා වසංගතය පැතිර යාම උග්‍ර වේ

ජූනි 09, 2020

    ලොව පුරා කොරෝනා වසංගතය පැතිර යාම උග්‍ර වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,931,000ක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

    එම සංඛ්‍යාව ඊට පෙර දිනයට වඩා 131,296 කින් වැඩි විය.

    මරණ සංඛ්‍යාව 400,857ක් වන අතර, එය පෙර දිනයට වඩා 3469 කින් වැඩි වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ඇමරිකාවේ Johns Hopkins විශ්වවිද්‍යාල නිකුත් කළ දත්ත අනුව, ගෝලීය නව කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව 7,085,894ක් වන අතර, මරණ සංඛ්‍යාව 405,168කි.

    බරපතලම වසංගත තත්ත්වය පවතින්නේ ඇමරිකාවේය.

    මේ වනවිට ඇමරිකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව 1,956,499ක් වන අතර, මරණ සංඛ්‍යාව 110,932 ක් බව එම වාර්තාව පෙන්වා දේ.

     

    Latest News