කොරෝනා මැඩලීමට සාර්ථක ක්‍රියාමාර්ගයක් නවසීලන්තයෙන්

මැයි 11, 2020

    නවසීලන්තය, කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩපැවැත්වීමට සාර්ථක ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

    ඒ, රට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කිරීම හේතුවෙන්. දෙමසකට ආසන්න කාලයක් රට වසා දමා තිබූ බව අගමැති ජසින්දා ආර්ඩන් පැවසුවාය.

    පළමු පියවරට අදාළව අද සිට නවසීලන්ත වෙළෙඳසැල්, සිනමා ශාලා, ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපාර නැවත විවෘත කිරීමට අවසර ලබාදී තිබේ. ශාරිරික දුරස්ථභාවය හා දැඩි සනීපාරක්‍ෂක ක්‍රමවේදයක් යටතේ අනෙකුත් අවන්හල් ක්‍රීඩා පිටි ඇතුළු වෙනත් පොදු ස්ථාන බ්‍රහස්පතින්දා සිට නැවත විවෘත කෙරේ. පාසල් විවෘත කෙරෙන්නේ ලබන සඳුදා. මැයි මස 21 වැනිදා සිට සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළාය.

    Latest News