උතුරු - දකුණු කොරියාවන් අතර වෙඩි හුවමාරුවක්

මැයි 03, 2020

    උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

    දෙරටේ හමුදාවන් රැඳී සිටින දේශසීමා ආරක්ෂක කලාපයකදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.

    උතුරු කොරියානු භට පිරිස් පළමු වෙඩිල්ල තැබූ බවද සිය භට පිරිස් ඊට ප‍්‍රතිප‍්‍රහාර සිදු කළ බවද දකුණු කොරියාව පවසනවා.

    කෙසේවෙතත් උතුරු කොරියාව මෙම වෙඩි තැබීම සිදු කළේ මැන්දැයි තවමත් අපහැදිලි බවයි දකුණු කොරියාව වැඩිදුරටත් පැවසුවේ.

    වසර 05කට පසු උතුරු කොරියානු භට පිරිස් දකුණු කොරියනු භට පිරිස් වෙත සෘජුව වෙඩි තැබීමක් සිදු කළ පළමු අවස්ථාවද මෙය වේ.

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සති කිහිපයකට පසු ප‍්‍රසිද්ධියේ පෙනි සිට දිනක්වත් ඉක්මයාමට පෙර මෙම වෙඩි තැබීම සිදුවීමද විශේෂත්වයක්.

    Latest News