ඉන්දියාවට පැමිණෙන ජාත්‍යන්තර මගී ගුවන් යානා තහනම් කෙරේ

මාර් 21, 2020

    සියලුම ජාත්‍යන්තර මගී ගුවන් යානා ඉන්දියාවට පැමිණීම මාර්තු 22 සිට බලපැවැත්වෙන පරිදි සතියක කාලයක් සඳහා තහනම් කෙරේ.

    කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ගනු ලැබූ මෙම පියවර ඉන්දීය රජය පසුගියදා නිවේදනය කළේය.

    එරට රජය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ මාර්තු 22 වන දා සිට කිසිදු ජාත්‍යන්තර වාණිජ මගී ගුවන් යානයක් ඉන්දියාවට ගොඩබෑමට ඉඩ නොදෙන බවයි.

    එමෙන්ම වයස අවුරුදු 65 ට වැඩි සියලුම පුරවැසියන්ට නිවසේ රැඳී සිටීමට ද එමගින් නියම කර තිබේ.

    එසේම වයස අවුරුදු 10 ට අඩු සියලුම දරුවන්ට නිවසේ රැඳී සිටින ලෙසත් පිටතට නොයන ලෙසත් ඉන්දීය රජය උපදෙස් දී ඇත.

    Latest News