IMF හා ඇමරිකානු සමාගම් සෞදි ආර්ථික සමුළුව වර්ජනය කරයි

ඔක් 18, 2018

    සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සමුළුවට සහභාගී නොවීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක‍්‍රිස්ටීන් ලගාඩේ මහත්මිය තීරණය කර ඇත.

    එසේම ඇමරිකාවේ ගූගල් , ඌබර්, වායාකොම් සහ ෆෝට් සම්ගම් ද එම සමුළුව වර්ජනය කර ඇති බවට වාර්තා වෙයි.

    එම ව්‍යාපාරික සමුළුව මඟින් ඉදිරියේ සෞදි අරාබියේ ඇති කළ හැකි ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් දැනුම්වත් කිරීමට නියමිතව තිබූ අතර සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් එය සංවිධානය කර තිබුණි.

    සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් තුර්කි පර්යේෂණ කණ්ඩායම් විසින් සොයා ගනු ලැබූ බව කියන හඬපටය තමන්ට ලබා දෙන ලෙස වොෂින්ටන් පාලනය තුර්කියට දන්වා ඇත.

    ඇමරිකාවේ ධවල මන්දිරයේ දී වාර්තාකරුවන් හමුවේ අදහස් පළකළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම හඬ පටය සම්බන්ධයෙන් තුර්කියට දැනුම්දීමක් සිදු කළ බව ප්‍රකාශ කර ඇත.

    ඉකුත් ඔක්තොම්බර් දෙවැනි දින සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ කෂෝගී පිළිබඳ සාක්ෂි හමුවූ බව තුර්කි පර්යේෂණ කණ්ඩායම පවසයි. නමුත් ජමාල් කෂෝගී ඝාතන සිද්ධිය සම්බන්දයෙන් එල්ලවන චෝදනා සෞදි රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

    Latest News