කොරෝනා නිසා ඉරානයේ සිරකරුවන් 54,000කට නිදහස

මාර් 04, 2020

    ඉරානයේ බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් 54,000ක් නිදහස් කර තිබේ. ඒ කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානම වළක්වා ගැනීම සඳහායි.

    සිකරුවන් තාවකාලික පදනම මත නිදහස් කෙරුණු බවයි, එරට අධිකරණය කියා සිටියේ. නිදහස ලබන රැඳවියන් කොවිඩ් 19 පරීක්ෂාවට ලක් කෙරේ. ඉන් වෛරසය ආසාදනය වී නොමැති රැඳවියන් පමණක් ඇප ලබා දීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අවසර ලබා දී ඇති බවයි, එරට අධිකරණය සඳහන් කරන්නේ.

    වසර 5කට වැඩි කාලයක් දඩුවම නියම වූ හා බරපතල වැරදි සම්බන්ධයෙන් සිරගත වී ඇති සිරකරුවන්ට මේ අවස්ථාව හිමි නොවේ. සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බොහෝ රටවල් ප්‍රසාදය පළ කර තිබේ.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 09:53

    Latest News