ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

ජන 03, 2020

    ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඒ, සතියක කාලයක් සඳහායි.

    පාලනය කිරීමට නොහැකි ලෙස ප්‍රාන්තය තුළ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට බලධාරීන්ට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

    ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරළ තීරය තුළ සිරවී සිටින 4,000 ක් පමණ මුදා ගැනීමට එරට හමුදාව කටයුතු කරමින් සිටිනවා.

    ඒ සඳහා හමුදාවට අයත් නොෟකා මෙන්ම ගුවන් යානා ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

    ඊයේ දිනයේ පමණක් ලැව්ගිනිවලට කොටුවී සිටි 800 ක් පමණ නෞකා මගින් මුදා ගැනුණා.

    ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාව තුළ පැතිරයමින් ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 18 ක්.

    තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි පැවසෙන්නේ.

    නිවාස 1,200 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

     

    Last modified on සිකුරාදා, 03 ජනවාරි 2020 13:14

    Latest News