පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇති පසුබිමක කොරෝනා වෛරසය පාලනයට අමෙරිකාව ලබාදුන් සහාය චීනය ප්‍රතික්ෂේප කර ඇත.

දෛනිකව චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් තවත් රෝහල් 3 ක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

මේ වන විටත් වූහාන් නගරය දැඩි පරීක්ෂණවලට භාජනය කෙරෙන අතර එම නගරයට අමතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකාව ලබාදුන් සහාය, චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 361 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදිත පුද්ගලයින් 17,000කට අධික බවයි වාර්තා වන්නේ.

කෙරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත මියගිය පළමු රෝගියා ඊයේ වාර්තා විය. ඒ පිලිපීනයෙන්.

නව කොරොනා වෛරස වසංගතයට එරෙහි සටනින් ජයගැනීමේ පූර්ණ විශ්වාසය හා හැකියාව චීනය සතු බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුන්යින්ග් මහත්මිය පවසයි.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති චීනයට අමෙරිකානු ඩොලර් මිලියන 5ක හදිසි මානුෂීය ආධාර මානුෂීය ආධාර ලබා දීමට දකුණු කොරියාව පියවර ගනී.

නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හුබෙයි පළාතේ චීන සමාගම් සේවකයින්ට උපදෙස් දී තිබේ.

කොරොනා වෛරසය පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීම වෙනුවෙන් හැකි ඉක්මණින් ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් චීනයට යොමු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Latest News