ශ්‍රී ලංකා පිල දිනය නිමාවන විට 64/3යි

දෙසැ 19, 2019

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ විය.

    කාසියේ වාසිය දිනූ පකිස්තානය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළේය. අසාඩ් ෂෆීක් ලකුණු 63යි. පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4 බැගින් දවාගැනීමට සමත්වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 64ක් ලබා සිටී. පිටියේ නොදැවී රැඳී සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් ඇඹුල්දෙණියයි. හෙට තරගයේ දෙවැනි දිනයයි.

    Latest News