ක්‍රීඩාවේ මහත්මා ගුණය පෙන්වු ඉසුරු උදාන සම්සි සුපර් ලීග් තරගාවලියේ දි සුපිරි දක්ෂතාවක්

දෙසැ 17, 2019

    දකුණු අප්‍රිකාවේ පැවති සම්සි සුපර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන සමත්විය.

    ඒ තරගාවලියේ අවසන් මහ තරගයේදී. අවසන් තරගය පැවැත්වුණේ, පවර්ල් රොක්ස් සහ ට්වානස් ස්පාර්ටර්ස් කණ්ඩායම් අතරයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ට්වානස් ස්පාර්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර අවසානයේ කඩුලු 6කට ලකුණු 147ක් රැස් කළේය. ඒ.බී. ඩිවිලියස් ලකුණු 51යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගැනිමට සමත්විය. ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය පවර්ල් රොක්ස් කණ්ඩායම කඩුලු 8ක් අතැතිව ජය ලබාගත්තේය. හෙන්ඩ්‍රි ඩේවිට්ස් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්විය. ඒ, පන්දු 22කදී. ඊට පෙර එම වාර්තාව ක්‍රිස් ගේල් ගේ විය.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 20:45

    Latest News