ආසියානු නැගී එන ක්‍රිකට් තරඟාවලියේ නායකත්වය චරිත් අසලංකට

දෙසැ 01, 2018

    ආසියානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.


    15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වයට චරිත් අසලංක පත්කර ඇති අතර, ඊට ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතිය ලැබී ඇත. සංචිතය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වේ.

    තරගාවලිය දෙසැම්බර් 6වැනිදා සිට 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ දී පැවැත්වේ. ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කණ්ඩායම් අටක් ඇතුලත් වන අතර, ඒ සහ බී වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වේ.

    Sri Lanka Squad for the ACC Emerging Teams Cup 2018

    Charith Asalanka - Captain - Shammu Ashan – Vice Captain - Kamindu Mendis - Avishka Fernando - Hasitha Boyagoda -Sandun Weerakkody - Asela Gunaratne - Nishan Madushka - Jeffrey Vandersay - Lasith Ambuldeniya - Nishan Peiris - Shehan Madushanka - Asitha Fernando - Jehan Daniel - Chamika Karunaratne

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 01 දෙසැම්බර් 2018 20:25

    Latest News