තුරුණුවියේ පාරමී රටටගෙනා පදක්කම !

ඔක් 16, 2018

    අජන්ටිනාවේ පැවැත්වෙන යුත් ඔලිම්පික් උළෙලේදි ශ්‍රි ලංකාව නියෝජනය කළ පාරමී වසන්ති මාරිස්ටෙලා ෆර්නැන්ඩු ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබේ.

    පාරමි මෙහි මූලික වටයේ තරගයේදී තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය. මෙම ඉසව්ව නිම කිරීම සඳහා පාරමි විනාඩි 6:33.06 කාලයක් වාර්තා කළ අතර එම කාලය ඇයගේ තරග දිවියේ හොඳම කාලය ලෙසද සටහන් වේ.

    ඉසව්වේ පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙලින් කෙන්නියානු හා ඉතියෝපියානු ක්‍රිඩිකාවෝ දිනාගත්හ.

    එම තරග දෙකේ කාලයේ එකතුව අනුව පාරමි සිවුවැනි ස්ථානයට පත්වූ අතර සමස්ත තෙවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩිකාව පළමු තරගයේදී අටවැනි ස්ථානයට පත්වීම සිටීම නිසා පාරමීට ලෝකඩ පදක්කම හිමිවූවාය. පාරමී කුලියාපිටිය මැදි මහ විදුහලේ ක්‍රීඩිකාවකි.

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 09:00

    Latest News