ශ්‍රී ලංකාවට තෙවැනි පරාජයෙන් බේරීමට ලකුණු 274ක්

නොවැ 25, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

    තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට කඩුලු 06ක් අතැතිව තවත් ලකුණු 274ක් රැස්කළ යුතුයි. තරගයේ පළමු ඉනිමට එංගලන්තය රැස් කළ ලකුණු 336ට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ, ලකුණු 240ක් පමණයි.

    තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. අද දිනය ආරම්භ කරන විට එංගලන්තය දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 03ක් ලබා සිටියා. ඔවුන්ගේ පළමු කඩුලු 04ක් දැවී ගියේ ලකුණු 39කදී. නමුත් අනතුරුව බෙන් ස්ටෝක්ස් සහ ජොර්ජ් බට්ලර් එංගලන්ත ඉනිම ගොඩනැඟුවා. ස්ටෝක්ස් ලකුණු 42යි. බට්ලර් ලකුණු 64ක් රැස් කළා.

    එංගලන්තය දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 230ක්. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 88කට කඩුලු 05ක් බිඳ හෙලුවා. මාලින්ද පුෂ්පකුමාර කඩුලු 03යි. තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 327ක්. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 04 දැවී ගියේ ලකුණු 52ක් තුළයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News