තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ජය බංග්ලාදේශයට

මැයි 19, 2019

    බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ සහ අයර්ලන්ත තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය.

    අවසන් තරගය පැවැත්වුණේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර. පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 24ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 152ක් රැස් කරගෙන සිටියදී, තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ලවිය. ෂායි හෝප් ලකුණු 74යි. පන්දු යැවීමේදී හසන් මිරාජ් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.

    “ඩක්වත් ලුවිස්“ න්‍යායට අනුව, බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 24ක් තුළ ලකුණු 210ක ඉලක්කයක් හිමිවිය. ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් අතැතිව ජය හිමි කරගැනීමට සමත්වූහ. සෞම්‍ය ශාක ලකුණු 66යි. මොසඩෙක් හුසේන් නොදැවී ලකුණු 52යි.

    Last modified on ඉරිදා, 19 මැයි 2019 16:06

    Latest News