මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේලගෙන් මාලිංගට අපූරු දඬුවමක්

අප්‍රේ 20, 2019

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් හය දෙනෙකුට එම කණ්ඩායම විසින් අපූරු දඬුවමක් පනවා තිබේ.

    එනම් අපූර්ව හාස්‍ය ජනක ඇඳුමක් (Emoji suit) ඇඳීමට එම ක්‍රීඩකයන්ට නියම කර තිබීමයි.

    MI 01

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL (ඉන්දීය ප්‍රිමියර් ලීග්) ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනන අති දක්ෂ කණ්ඩයමකි. ලසිත් මාලිංග ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් ද වැඩි අවධානයක් යොමුකරන කණ්ඩායමක්වේ. එහි ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන විසින් පසුගිය වසරේදී මෙම දඬුවම හඳුන්වා දී ඇත.

    යම් ක්‍රීඩකයෙක් යම් රැස්වීමකට හෝ අවස්ථාවකට ප්‍රමාද වී පැමිණීම හෝ නියමිත ඇඳුමින් සැරසී නොසිටීම මෙම දඬුවම ලබා දීමට හේතුවේ. ඒ අනුව ලසිත් මාලිංග නියමිත ඇඳුමින් සැරසී නොසිටීම නිසා මෙම දඬුවම ලබා දී ඇති අතර අනෙකුත් ක්‍රීඩකයන් යම් යම් අවස්ථාවල ප්‍රමාද පැමිණ ඇත.
    එම ක්‍රීඩයකයන් අතර දකුණු අප්‍රිකානු පිතිකරු ක්වින්ටන් ඩී කොක්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කිරන් පොලාඩ්, ඉන්දීයාවේ යුවරාජ් සිං යන විශිෂ්ට ක්‍රීඩයකන්ද මෙම හාස්‍ය ජනක ඇඳුමින් සැරසී පැමිණි බව වාර්තාවේ.

    MI 03

    ක්වින්ටන් ඩී කොක්; වරද - ප්‍රමාද වී පැමිණීම

    MI 04

    පසුගිය වසරේ දීද මේ ආකාරයෙන්ම ක්‍රීඩකයන්ට මෙම හාස්‍ය ජනක ඇඳුම ඇඳීමට නියම කර තිබිණි.

    MI 02

    2018 වසරේ මෙම දඬුවමට ලක්වූ ක්‍රීඩකයන්

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 14:19

    Latest News