දෙවන තරඟයෙන් කඩුලු 02ක ජයක්

ජන 09, 2024
    සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 2 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 44 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 208 ක් රැස් කළා.

    තම එක්දින ක්‍රිකට් දිවියේ 20 වැනි අර්ධ ශතකය සමඟ නායක ක්‍රෙග් අර්වින් ලකුණු 82 ක් රැස් කළා. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 4 යි. දුශ්මන්ත චමීර සහ ජෙෆ්‍රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවාගත්තා.
    පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 49 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් රැස් කරමින්.
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ ජනිත් ලියනගේ තම මංගල එක්දින ශතකය අභියස සිටියදී ලකුණු 95 කට දැවී ගියා.
    මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දුන්නේ පන්දු යවන්නන්.
    ජෙෆ්‍රි වැන්ඩසේ නොදැවී ලකුණු 19 ක් සහ දුශ්මන්ත චමීර නොදැවී ලකුණු 18 රැස් කළා.
    මහීශ් තීක්ෂණ ලකුණු 18 යි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රිචඩ් ගරාවා ලකුණු 32 කට කඩුලු 5 ක් දවා ගත්තා.

    Latest News