තියුණු සටනකට සුදුසුකම් ලබයි

අගෝ 03, 2023

    ශ්‍රී ලංකා 4x400 කණ්ඩායම හංගේරියිවේ දී ලබන 19 වැනිදා ආරම්භවන ලෝක ශූරතා මලල තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

    ඒ ලොව සුදුසුකම් ලබා ගැනීමේ කාලය තුල දැක්වූ දක්ශතා අනුව 12 වැනි ස්ථානයට පත්වෙමින්.

    ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට තේරී පත්වුණේ පසුගියදා නිමාවූ ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදි තරගාවලියේ දී රන් පදක්කම් හිමිකර ගනිමින් දැක්වූ දක්ෂතාවයි අනුවයි.

    කාලිංග කුමාරගේ, රජිත රාජකරුණා, අරුණ දර්ශන සහ පබසර නිකූ මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කලා.

    මීට කණ්ඩායම් 16ක් ශ්‍රේණිගත කිරීම අනුව තෝරා ගනු ලබන අතර පළමු කණ්ඩායම් අට ලෙස මීට පෙර පැවති ලෝක ශූරතා තරගාවලියේ අවසන් වටයට තේරුණු කණඩායම් අට තෝරාගනු ලබනවා.

    Latest News