කෝලිලා දිනයිද ?

ජූනි 11, 2023

    එංගලන්තයේ ඕවල් පිටියේ පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ අවසන් දිනය අදයි.

    පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 469යි. ඉන්දියාවට සිය පළමු ඉනි‍මේ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 296ක් පමණයි.

    ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 173ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණූ 270ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට අවසන් ඉනිමේ ලකුණු 444 ක දැවැන්ත ඉලක්කයක් සපයමින්.

    ඒ අනුව සිය දෙවන ඉනිම ඇරඹු ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 164ක් ලබා ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 280ක් පිටුපසින් සිටිනවා.

    නොදැවී කඩුල්ලේ රැඳී සිටින විරාත් කෝලි ලකුණූ 44ක් සහ අජින්ක්‍යා රහනේ ලකුණු 20ක් ලබා සිටිනවා.

    Latest News