"රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්" ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ - සජීව විකාශය රූපවාහිනී "අයි" නාලිකාවෙන්

සැප් 09, 2022

    "රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්" ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය හෙට ඉන්දියාවේ දී ආරම්භ වනවා.

    තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමිව තිබෙන්නේ, ජාතික රූපවාහිනියටයි.   තරගාවලිය සඳහා රටවල් 8 ක කණ්ඩායම් සහභාගී වනවා. ජාත්‍යන්තර තලය නියෝජනය කරමින් ක්‍රීඩා කළ, මේ වන විට ක්‍රිකට් දිවියෙන් සමුගත් ප්‍රවීණ ක්‍රීඩකයින් ගෙන් එම කණ්ඩායම් සමන්විතයි.

    මෙවර දෙවැනි  වරටයි, මෙම තරගාවලිය සංවිධාන කර තිබෙන්නේ. පළමු වරට පැවති තරගාවලියේ ශූරතාව ඉන්දියාවටත්, අනු ශූරතාව ශ්‍රී ලංකාවටත් හිමි වුණා. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරග වදින්නේ, ටී. එම්. ඩිල්ශාන්ගේ නායකත්වයෙන්. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ලබන 11 වැනිදා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලබන 13 වැනිදා එංගලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි. මුලික වටයේ දී තරග 5 ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වනවා. තරගාවලිය ලබන මස පළමු වැනිදා අවසන් වීමට නියමිතයි.

    Latest News