ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 292ක ඉලක්කයක්...(වීඩියෝ)

ජූනි 19, 2022
  • ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තෙවන එක්දින ක්‍රිකට් තරගය දැන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    දිවා-රාත්‍රී තරගයක් වන මෙහි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. කාසියේ වාසිය දිනාගත්තේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06කට ලකුණු 291ක් රැස් කළා. ට්‍රෙවිස් හෙඩ් නොදැවී ලකුණු 70යි. නායක ආරෝන් ෆින්ච් ලකුණු 62යි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩෙසේ කඩුලු 03ක් දවාගත්තා, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවාගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 292ක ඉලක්කයක් හිමිව තිබෙනවා...

    Latest News