IPL; අවසන් මහා තරගය අද රාත්‍රී 8.00ට

මැයි 29, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ගුජරාට් ටයිටන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

    අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වන්නේ රාත්‍රී 08.00ට. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම IPL තරගාවලියට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. එම තරගාවලියේදීම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක්. අද තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදින් වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මීට පෙර 2008 වසරේදී තරගාවලියේ අවසන් තරගයට එක්වුණා. එහිදී ඔවුන් ශුරතාව දිනාගත්තා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ මූලික වටය අවසන් කළේ, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවෙමින්. ඔවුන් අවසන් පූර්ව තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

    මූලික වටයේදී ප්‍රසාද ලකුණු සටහ‍නේ දෙවන ස්ථානයේ පසුවූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසන් තරගයට පිවිසියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කරමින්.
    අද තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හාර්දික් පාණ්ඩ්‍යයාගේ නායකත්වයෙන් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සංජු සැම්සන්ගේ නායකත්වයෙන් තරග වැඳීමට නියමිතයි.

    Latest News