T 20 - ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්; අවසන් තරගය ලබන 20....

පෙබ 18, 2022

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර, සිව්වන 20-20 තරගය ද කඩුලු හයකින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද (18) සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08කට ලකුණු 139ක් රැස් කළා. පැතුම් නිස්සංක ලකුණු 46යි. පන්දු යැවීමේදී ජේ. රිචඩ්සන් සහ කේන් රිචඩ්සන් කඩුලු 02 බැගින් දවාගත්තා. ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව කඩුලු 06ක් අතැතිව ජය ලබාගත්තා. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 40 (20)ක් හා ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 48 (39)ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. 
    පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා. ඒ, තරග පහකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ පැවති සියලුම තරග ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා. දෙරට අතර අවසන් 20-20 තරගය ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News