ප්‍රවීනයන්ගේ ක්‍රිකට් තරගයේදී  "ඒෂියා ලයන්ස්" ට ජය...

ජන 22, 2022

    ලොවපුරා ප්‍රවීන ක්‍රිකට් තරු සම්බන්ධවන ප්‍රවීනයන්ගේ ක්‍රිකට් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගය ජය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගීවන "ඒෂියා ලයන්ස් " කණ්ඩායම සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, ඕමානයේදී. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් "වර්ල්ඩ් ගැන්ස්" කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 කට ලකුණු 205 ක් රැස් කලා. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කෙවින් ඕ බ්‍රයන් ලකුණු 95 ක් රැස්කළා. පන්දු යැවීමේදී නුවන් කුලසේකර සහ මොහොමඩ් හෆීස් කඩුලු 02 බැගින් දවාගත්තා.

    ලකුණු 206 ක් හඹා ගිය "ඒෂියා ලයන්ස්" කණ්ඩායමට ආරම්භය ලබාදුන්නේ, තිලකරත්න ඩිල්ෂාන් සහ කම්රාන් අක්මාල්. ප්‍රථම කඩුල්ල ලෙස අක්මාල් දැවී යාමෙන් පසු ඩිල්ෂාන් සමගින් උපුල් තරංග තරගය ජයග්‍රාහී මාවතට ගෙන එනු ලැබුවා. තිලකරත්න ඩිල්ෂාන් ලකුනු 52 යි. උපුල් තරංග ලකුණු 63 යි. නායක මිස්බා උල් හක් ලකුණු 40 ක් ලබාගත්තා. තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට හිමි වුණා.

    Latest News