ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ මෙන්ම, ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ නිලධාරින් ද එක්ව සිටියා. තරගාවලිය පැවැත්වුණේ, උස්බෙකිස්තානයේදී. ලබන වසරේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා බර ඉසිලීමේ ක්‍රීඩකයින්ට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවති අවසන් තරගාවලිය ද මෙයයි.
මෙහිදී, ශ්‍රී කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගැනීමට සමත් වුණා. ශ්රීමාලී සමරකෝන් රන් පදක්කම දිනාගත් අතර, රදී පදක්කම දිනා ගත්තේ තිමාලි හමුතැන්නයි. චින්තන ගීතාල් විදානගේ, ඉන්දික දිසානායක, මනෝජ් මධුවන්ත, තිවංක පලගසිංහ සහ නදීෂානී රත්නායක ලෝකඩ පදක්කම් හිමකරගත්තා.