කැන්ඩි වොරියර්ස් LPL පළමු ජය ලබයි....

දෙසැ 12, 2021

    ලංකා ප්‍රිමියලීග් 20-20 තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

    ඒ, ‍ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 127ක් පමණි.

    කුසල් මෙන්ඩිස් ලකුණු 44ක් ලබාගත් අතර සමිත් පටෙල් නොදැවී ලකුණු 36යි. පන්දු යැවීමේදී කමිඳු මෙන්ඩිස් කඩුලු 3ක් බිඳහෙලුවා. පිළිතුරු ලෙස කැන්ඩි වොරියර්ස් ක්‍රීඩකයින් තරගය ජයගත්තේ පන්දුවාර 18යි, පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 131ක් රැස් කරමින්. රවී බොපාරා නොදැවී ලකුණු 34යි.

    Latest News