කොදෙව් කණ්ඩායමට ලකුණු 3ක තියුණු ජයක්....

ඔක් 29, 2021

    20-20 තරගාවලිය යටතේ අද (29) පැවති තරගයෙන් බංග්ලාදේශය පරදවා ජය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

    සාජාහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 142ක් රැස් කළා. නිකලස් පුරන් ලකුණු 40යි. පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 139ක් පමණයි. ලින්ටන් ඩාස් ලකුණු 44යි. තරගයෙන් කොදෙව් කණ්ඩායම ජයගත්තේ ලකුණු 3කින්.

    Latest News