මේධානි මීටර් 200 අවසන් පූර්ව වටයට

අගෝ 20, 2021

    කෙන්යාවේ නයිරෝබි අගනුවර දී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට මේධානි ජයමාන්න අද (20) සමත් වූවාය.

    අගෝස්තු 17 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ තෙවැනි දිනය වන අද දිනයේ මෙරට වේලාවෙන් දහවල් 1:20 ට මීටර් 200 සුදුසුකම් ලබා ගැනීමේ තරග ආරම්භ විය.

    එහි දී දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳහා සහභාගී වූ මේධානි තත්පර 24.01 කාලයක් වාර්තා කරමින් සිව්වැන්නා ලෙස ඉසව්ව අවසන් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.

    Latest News