දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8ක ජයක් එංගලන්තයට

ජූලි 02, 2021

    එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජය වූ රට ලෙස ශ්‍රී ලංකාව ඊයේ ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

    ඒ, දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් එංගලන්ත කණ්ඩායම හිමි කර ගැනීමත් සමඟ. ඊයේ පැවති එංගලන්ත-ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඉයන් මෝගන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

    ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 241ක්. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 91ක් රැස් කළේය. පන්දු යැවීමේදී සෑම් කරන් ලකුණු 48ට කඩුලු 5ක් බිඳ හෙලීය.

    පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 43ක් තුළ කඩුලු 2ක් දැවී ලකුණු 244ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය. ඉයන් මෝගන් නොදුවී ලකුණු 75ක් රැස් කළ අතර, ජෝ රූට් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තේය. තවත් තරගයක් තිබියදී 2-0ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

    Latest News