“2021-රෝඩ් සේෆ්ට්“ 20-20 තරග රූපවාහිනි අයි නාලිකාවෙන්....

මාර් 05, 2021

    “2021-රෝඩ් සේෆ්ට්“ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ රායිපූර්හිදී අද (05) ආරම්භ කෙරිණ.

    එය රූපවාහිනි අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් තරගාවලියට එක්ව සිටී.

    තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය දැන් පැවැත්වේ. මෙම තරගාවලියේ පළමු අදියර ඉකුත් වසරේ මාර්තු මස ආරම්භ කෙරුණ ද කොරෝනා වසංගතය හේතුවෙන් එය අත්හිටුවීමට සිදුවිය. තරගාවලියේ දෙවන අදියර අද සිට ලබන 21 දක්වා පැවැත්වේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සිය පළමු තරගයට සහබාගි වන අතර එය පැවැත්වෙන්නේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟයි. සියලු තරග රූපවාහිනි අයි නාලිකාව ඔස්සේ සජිව ලෙස නැරඹිය හැක.

    Latest News