2022 වසරේ ශීත ඍතු හා පැරා ඔලිම්පික් උළෙල පැවැත්වීමට සූදානම්

මාර් 03, 2021

    බෙයිජිං නගරය 2022 වසරේ ශීත ඍතු හා පැරා ඔලිම්පික් උළෙල පැවැත්වීමට සූදානම් වෙයි.

    2022 වසරේ බෙයිජිං ශීත ඍතු හා පැරා ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය පිළිබඳ වසරක අවරෝහණ ගණනයේ ආරම්භක දිනය හෙට(4) යෙදේ.

    ශීත ඍතු ආබාධිත ඔලිම්පික් උළෙලේ ක්‍රීඩාංගන සැලසුම් හා ගොඩනැගීම, තරග සංවිධානය හා සේවය, ප්‍රචාරක කටයුතු, වෙළඳපොල ප්‍රවර්ධනය හා සේවක පාලනය යනාදී ක්ෂේත්‍රවල කාර්යයන් සැලසුම් කළ පරිදි ස්ථීර ලෙස ප්‍රවර්ධනය කෙරෙමින් පවතී.

    ප්‍රධාන ඉසව් 6ක් හා අනෙකුත් ඉසව් 78කින් සමන්විත මෙවර ඔලිම්පික් උළෙලට තරග කලාප තුනක තරගකාරී ක්‍රීඩාංගන 5ක් හා තරගකාරී නොවන ක්‍රීඩාංගන 25ක් සම්බන්ධ වේ.

    බාධක රහිත සමාජයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම අතින් ජාත්‍යන්තර ආබාධිත පැරා ඔලිම්පික් කමිටුවේ බාධක රහිත පහසුකම් මගපෙන්වීම් හා බෙයිජිං 2020 වසරේ ශීත ඍතු ඔලිම්පික් උළෙල හා ශීත ඍතු පැරා ඔලිම්පික් උළෙලේ බාධක රහිත මඟපෙන්වීම් වලට අනුව බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් කමිටුව විධිමත් ලෙස සියළු ක්‍රීඩාංගන ස්ථාපිත කර ඇත.

    Latest News