ලංකාවට ලකුණු 219ක සුපිරි ජයක් (Update)

ඔක් 23, 2018

    සංචාරක එංගලන්ත කණ්ඩායමට වාර්තා ගත පරාජයක් අත්කර දෙමින් දිගින් දිගටම එක්දින පිටියේ අසාර්ථක වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඊයේ (23) සමත්විය.

    ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණඩායම අතර පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයේදී ලකුනු 219ක ජයක් වාර්තා කරමිනි.

    ලකුණු 367ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට පන්දුවාර 26.1කදී කඩුලු 9ට ලකුණු 132ක් ලබාගත්තේය.

    අනුව තරගයේ ජයග්‍රහණ හිමිකර ගැනීමට අවශ්‍යව තිබුණෙන්ම් තවත් ලකුණු 212 රැස්කර ගත යුතුව තිබුණි.

     
    ශ්‍රී ලංකාවෙන් එංගලන්තට දැවැන්ත අභියෝගයක්
     
    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 366ක් ලබාගැනීමට සමත්විය. 
     
    අද තරගයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කෙරිණ.  ඒ අනුව ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රම ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 137ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම 2018 වසරේ දී ප්‍රථම කඩුල්ල සඳහා පැවැත්වූ වැඩිම ලකුණු සම්බන්ධතාවයි. ඒ අනුව, නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 54ක් රැස් කිරීමට සමත්විය. 
     
    දිනේෂ් චන්දිමාල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 73කදී ලකුණු 80ක් රැස්කර ගැනිමට සමත්විණි. කුසල් මෙන්ඩිස් ද ලකුණු අතරට පිවිසිමින් පන්දු 33කදී ලකුණු 56ක් රැස් කළ අතර දසුන් චානක ද පන්දු 11කදී ලකුණු 18ක් රැස් කළේය.  
     
    ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී ලබාගත් ලකුණු 366 මේ වසරේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.
    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 10:45

    Latest News