2020 ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට සිට දින 03ක් සජිව ලෙස “අයි“ නාලිකාවෙන්

මාර් 04, 2020

    2020 ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළින් හෙට (05) ආරම්භ කෙරෙනවා.

    එය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ උදේ 8.00 සිට සජීව ලෙස නැරඹිය හැකියි. දින තුනක් පුරා පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ, මහනුවර, ත්‍රිකුණාමලය පසුකර අනුරාධපුරයෙන් අවසන් වීමට නියමිතයි. පිරිමි සහ කාන්තා දෙඅංශයෙන් තරග පැවැත්වෙනවා. පිරිමි කණ්ඩායම් 20ක් සහ කාන්තා කණ්ඩායම් 07ක් මෙවර තරගාවලියට එක්වීමට නියමිතයි.

    හෙට ආරම්භ වන තරගයට අදාළ කළමනාකරුවන්ගේ රැස්වීමක් කොළඹ දී අද (04) පැවැත්වුණා.

    Latest News