ශ්‍රී ලංකා – කොදෙව් 20 - 20 සටන අද

මාර් 04, 2020

    ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භවේ.

    මෙම තරගාවලියට පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරග දෙකක් ඇතුළත්.

    ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසන්නේ එක්දින තරගාවලිය ජයගෙන කණ්ඩායම යහපත් මානසික තත්ත්වයක පසුවන බවයි.

    එක්දින තරගාවලියේදී මෙන්ම මෙම තරගාවලියේදී ද ජයග්‍රහණ ලැබීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

    මේ අතර බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් අද සහභාගී වන්නේ තම 500 වැනි පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගයටයි.

    තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News