යාල ජාතික උද්‍යානය නැරඹීමට ඇතුළු වූ පිරිසක් උද්‍යාන නීති උල්ලංඝනය කරමින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාහන 7 ක් සමග පුද්ගලයින් 9 දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර වී තිබෙනවා.

යාල වනෝද්‍යානය තුළ දී හිංසාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට සහ එම වාහනවලට වසර 3 ක් යන තුරු ශ්‍රී ලංකාව තුළ කිසිදු  වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාද්‍ය ලේඛන ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

වාහනවලින් ගොස් පසුගියදා යාල වනෝද්‍යානයේ, සතුන්ට හිරිහැර වන පරිදි හැසිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම නෛතික පියවර ගන්නා ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ  අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.  

Latest News