පසුගිය ආණ්ඩුව පොහොර සමාගම්වලට රුපියල් බිලියන 23ක් ණය වී ඇති බව පොහොර හිඟයක් ඇතිවීමට එය දැඩි ලෙස බලපෑ බවත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරවරුවේ වීරකැටියේ පැවති උත්සවයක් අමතමින්.

අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් වන සෝදිසි මෙහෙයුම් විධිමත් කර සුපිළිපන් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීමේ වගකීම නව ජනාධිපතිවරයා සහ රජය හමුවේ ඇති බව කැෆේ සංවිධානය පවසයි.

ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයත් සමඟ එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පෙන්වා දෙමින්, සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ලෙබනනයේ නව ජාතික සමගි රජයක් පිහිටුවාගෙන තිබේ.

Latest News