ලෙබනනය නව ජාතික සමගි රජයක් පිහිටුවයි

පෙබ 01, 2019

    ලෙබනනයේ නව ජාතික සමගි රජයක් පිහිටුවාගෙන තිබේ.

    ඒ අනූව, මාස 9ක් පුරා පැවති දේශපාලන අස්ථාවරත්වය නිමාවනු ඇති බවයි, වාර්තා වන්නේ. ලෙබනන අග්‍රාමාත්‍ය සාද් අල් හරීරි, තෙවැනි ධුර කාලය සඳහා තේරී පත්ව සිටියි. ඔහු ප්‍රකාශ කළේ, නව පරිච්චේදයකින් යුතුව රාජකාරී ඇරඹීමට කාලය එළඹ ඇති බවයි.

    නව රජයේ කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විතයි. කාන්තාවන් සිව් දෙනෙකු ද ඊට ඇතුළත්. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය මුල් වරට කාන්තාවකට හිමිව තිබීම ද විශේෂත්වයක්. අග්‍රාමාත්‍ය හරීරිට එල්ල වන ප්‍රධානතම අභියෝගය වන්නේ ලෙබනනයේ ආර්ථිකය ඉහළ නැංවීමයි.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 13:46

    Latest News